සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් ඉන්දියාවේදී පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.
අද(04) උදෑසන මුම්බායිහි පිහිටි සල්මන් ඛාන්ගේ නිවස ඉදිරිපිටට රැස් වූ පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවට ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ සල්මන් ඛාන් නිවසේ රැඳී සිටියේද නැද්ද යන්න අනාවරණය වී නොමැත.
සල්මන් ඛාන් පසුගිය සතියේ මෙරටට පැමිණි අතර ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පැමිණි බවට ඇතමුන් චෝදනා කරන ලදී.
කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කරමින් සල්මන් ඛාන් අවධාරණය කර ඇත්තේ තමා ශ්‍රී ලංකාවට පැමිණියේ ආධාර ලබා දීමේ වැඩ සටහනක් සඳහා පමණක් බවයි.
Post a Comment