බසයෙන් ගංජා ඇද්ද දෙන්නාට ඇප නෑ

බණ්ඩාරවෙල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයකින් ගංජා ප්‍රවාහනය කළ බවට චෝදනා ලැබ සිටි බස් රථ රියදුරෙකු ඇතුළු දෙදෙනෙකු යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන්ගේ ඇප ඉල්ලීම සිව්වන වරටත් ප්‍රතික්ෂේප කරමින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.


ඒ අනුව අදාළ බස් රථයේ රියදුරු සහ රිය සහයකයින් දෙදෙනා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.


අදාළ සිද්ධියේ පළමු සැකකරු 2007 වසරේ යුද්ධය පැවති සමයේ රූපවාහිනි යන්ත්‍ර තුළ සඟවා අධි බලැති තාක්ෂණික උපකරණ උතුරට ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින බව වාර්තා වේ.


මන්නාරම සිට කොළඹ දක්වා මැදවච්චිය හරහා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයකින් ගංජා කිලෝග්‍රෑම් 17ක් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය ජුනි මස 18 වනදා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.



Post a Comment