ශ්‍රී ලංකා රජයෙන් පරිත්‍යාග කරන ලද බෝධියක් ඉන්දියාවේ සාංචි ස්ථූපය අසළ දිරාපත් වෙමින් පවතින බව වාර්තා වේ.
ප්‍රාන්ත ආණ්ඩුව මගින් එම වෘක්ෂය පිළිබඳ සොයාබැලීම නොසලකා හැරීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
2012 වසරේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ බෝ පැළය එම ස්ථානයේ රෝපණය කර ඇති බව ‘‘හින්දුස්ථාන් ටයිම්ස් ‘‘පුවත්පත පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාව විසින් ලබාදුන් පූජනීය වස්තුවක් පිළිබඳ නොසලකා හැරීම හේතුවෙන් ඉන්දියාවේ මහබෝධී සංගමය අදාළ බලධාරීන්ට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ වන විට ඔවුන් ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීමට සහ කෘෂිකර්මාන්තය සම්බන්ධ විශේෂඥයින් මාර්ගයෙන් අදාළ වෘක්ෂය පිළිබඳ සොයාබැලීමට එකඟතාව පළ කර ඇතැයි ද සඳහන්ය.

Post a Comment