ගිරිබාව, ඔරුගල සාලිය අසෝකපුර ප්‍රදේශයේ දී පිහියකින් ඇන 16 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කර තිබේ.
අදාළ සිසුවිය පාසල් ගොස් නැවත නිවසට පැමිණි පසු ඊයේ පස්වරුවේ ඝාතනය සිදුව ඇති බව ගිරිබාව පොලිසිය සඳහන් කළේය.
ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
පොලිසිය පැවසුවේ ඝාතන සැකකරු යුධහමුදාවට අනුයුක්තව සේවය කළ සිවිල් කම්කරුවකු වන 23 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී ඇති බවයි.
මියගිය පාසල් සිසුවිය සාලිය අසෝකපුර සිරිමාපුර විද්‍යාලයේ ඉගෙනුම ලැබු ශිෂ්‍යාවකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Post a Comment