ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නව සාමාන්‍යාධිකාරිවරයා ලෙස විජය අමරතුංග මහතා පත් කර තිබේ.
හිටපු සාමාන්‍යාධිකාරි බී.ඒ.පී ආරියරත්න මහතා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරි තනතුරෙන් ඉවත් කර එම සේවයේ වෙනත් තනතුරක් සඳහා පත් කර ඇති බව වාර්තා වේ.
නව පත්කිරීම සඳහා ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇත.
නව සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා අද දිනයේ වැඩ බාරගැනීමට නියමිතය.
ඔහු මාර්ග හා කර්මාන්ත අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 35ක් රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකි.
ඒ අනූව ඒ මහතා විසින් මෙතෙක් හෙබවූ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහකාර ලේකම් තනතුර හිටපු සාමාන්‍යාධිකාරී ආරියරත්න මහතාට ලබාදීමට නියමිත බව ද වාර්තා වේ.

Post a Comment