දුම්රිය සංඥා පද්ධතියේ ඇති වූ දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය මදක් ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
අලව්ව සහ අඹේපුස්ස දුම්රිය ස්ථාන අතර එම දෝශය හටගෙන ඇත.
එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් විශේෂ කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.
කෙසේ වුවද දුම්රිය ස්ථාන මට්ටමේ සම්බන්ධතා හරහා දුම්රිය ධාවනයට පියවර ගන්නා බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Post a Comment