ජනපතිට අපේ උපරිම සහය දෙනවා

තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා 12 ට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබවාදී ප්‍රතිචාරයක් දැක්වු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවේ දී අදාළ යෝජනා ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමුකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එම පක්ෂය සඳහන් කළේය.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූම පක්ෂ සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.


එහිදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් පවසා ඇත්තේ රට හමුවේ පවතින ජාතික අවබෝධ ජය ගැනීම සදහා ජනාධිපතිවරයාට උපරිම සහය පළ කරන බවයි.



Post a Comment