මැතිවරණ කොමසාරිස්වරයා සහ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පැවැත්වෙයි.
ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙය පැවැත්වෙන බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ නම 2014 ඡන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද දිනයේ මැතිවරණ කොමසාරිවස්වරයා විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.
ඒ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් දැනටමත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබී තිබේ.
යුධ අධිකරණයක් මගින් දඬුවම් නියම වී තිබීම මත ඡන්ද අයිතිය අහිමිව තිබු නමුත් 2013 ඡන්දහිමි නාමලේඛනයේ ඔහුගේ නම සඳහන්වීම හේතුවෙන් පසුගිය බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේ දී සරත් ෆොන්සේකා මහතා ඡන්දය භාවිත කර තිබුණි.

Post a Comment