දඩයමේ ගිය හමුදා සෙබළාගේ වැඩ වරදියි

බුත්තල, පොතුවිල් කැලෑ ප්‍රදේශයක දඩයමේ ගිය හමුදා සෙබළෙකු වෙඩි වැදී මියගොස් තිබේ.

අදාළ යුධ හමුදා සෙබළා සතෙකු මෙල්ල කිරිමට යාමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව වාර්තාවෙයි.


එහිදි තුවාල ලැබු හමුදා සෙබළා ලාහුගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


මියගිය පුද්ගලයා බුත්තල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ 40 හැවිරිදි අයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් ලාහුගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Post a Comment