මැලේරියාව මර්දනය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදයන් සෙසු රටවල් හා හුවමාරු කරගැනීම මෙහි අරමුණය.
දිවයිනට පැමිණෙන විශේෂඥයින් පිරිසට මැලේරියා රෝගය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොබට් ප්‍රීචම් මහතා ද එක්ව සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
1937 වසරේ දී පුද්ගලයින් 80,000 ක් මැලේරියා රෝගයෙන් මරණයට පත්ව ඇති අතර ලක්ෂ 15ක් පිරිසකට මැලේරියා රෝගය වැළදී ඇති බව වාර්තා වුණි.
අවසන් වරට මැලේරියා රෝගීන් වැඩි ප්‍රමාණයක් මෙරටින් වාර්තා වී ඇත්තේ 2000 වසරේ දීය.
2013 සහ 2014 වසර වලදී මෙරටින් මැලේරියා රෝගීන් වාර්තා වී නොමැති අතර අග්නි දිග ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ ප්‍රථම රට බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇත.
2014 වසරේ ගතවු කාලය තුළ මෙරටින් මැලේරියා රෝගියෙකු වාර්තා නොවුන ද මැලේරියාව අසාදනය වූ විදේශීය සංක්‍රමණිකයින් 39 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගුවන් තොටුපළේ රෝග ආවේක්ෂණ මධ්‍යස්ථානය මගින් එම රෝගීන් හඳුනාගෙන ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන්කළ ආකාරය පිළිබඳ හැදැරීම සඳහා මෙරටට පැමිණෙන විශේෂඥයින්ගේ හමුවක් හෙට මීගමුවේ දී පැවැත්වීමට නියමිතය.

Post a Comment