එරාවුර ප්‍රදේශයෙන් හොර නෝට්ටු මතුවෙයි

ව්‍යාජ මුදල් නෝට්ටු 03ක් සමඟ පුද්ගලයෙකු එරාවුර් ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍ර දේශයේ වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් භාණ්ඩ ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර වෙළඳසැල් හිමියා එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට හඳුනාගෙන පොලිසියට දැනුම් දි තිබේ.


ඒ අනුව පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


කෙසේවෙතත් පොලිස් නිලධාරියා සැකකරු පරීක්ෂා කිරිමේ දි ඔහුගේ සතුව තිබි තවත් ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු 02ක් සොයාගෙන තිබේ.


සැකකරු එරාවුර් ප්‍ර දේශයේම පදිංචි අයෙකු වන අතර ඔහු අද(13) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



Post a Comment