උපුල්ට තර්ජනය කළ අය හඳුනාගන්න මොරටු සරසවියේ සහය ගන්න

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය මහතාට තර්ජනය කිරීමට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.

ඒ පිළිබද නඩුව අද කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේ සී.සී.ටී.වී කැමරා මගින් ලබා ගත් සැකකරුවන්ගේ ඡායාරූප හඳුනා ගැනීම සඳහා එම විශ්ව විද්‍යාලයේ සහය ලබා ගත යුතු බවයි.


මෑතකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට නාදුනන පිරිසක් තර්ජනය කළ බව මාධ්‍ය මගින් අනාවරණය කරන ලදී.



Post a Comment