එසේම තුනෙන් දෙකේ බලය හරහා පසුගිය වසර පහ තුළ රටේ ජනතාවට ලැබුණු ජයග්‍රහණයක් නොමැති බවද ඊයේ(19) පැවති ජාතික හෙළ උරුමයේ මහා සමුළුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
තවද තුනෙන් දෙකේ බලය හරහා ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ ලබාදීම සඳහා හෙළ උරුමය මේ වනවිට උත්සාහදරමින් සිටින බවද එහිදී ගම්මන්පිල මහතා කියා සිටියේය.
විධායක ජනාධිපති ක්‍රමයට පිං සිද්ධවන්නට පාර්ලිමේන්තුව තුළ පුටු මාරුවන පසුබිමක පවා කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට වර්තමාන ආණ්ඩුවට හැකි වී තිබු බවත්, 2010 වර්ෂයේ වර්තමාන ආණ්ඩුවට හිමි වූ තුනෙන් දෙකේ බලය මේ වන විට අවසන් වීමට ඔන්න මෙන්න තිබුණද එයින් ජනතාවට ලැබුණු ජයග්‍රහණයක් නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
උගතුන්ට තරුණයින්ට රැකියා දිය හැකි වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත්, ආණ්ඩුවේ ආදායමට වඩා ණය සහ පොලිය ගෙවන බවත්, මෙවන් ආකරයෙන් රටක් ගෙන යා නොහැකි බවත්, එම අවස්ථාවට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීවේය.
එසේම මෙරට තුළ බදු ගෙවන්නේ ධනපති පන්තිය නොවන බවත්, වැඩි වශයෙන් බදු ගෙවනු ලබන්නේ සාමන්‍ය ජනතාව බවත් අමාත්‍ය චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment