රේගුවේ දෙන්නෙකුත් හොර වැඩක!

කොළඹ වරායේ රේගු වාහන අංගනයේ වාහන කොටස් ගැලවීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට රේගු පරික්ෂකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වරාය පොලීසිය විසින් ඊයේ දහවල් 1.30ට පමණ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු යොදා තිබේ.


මෙම සිද්ධිය ගැන කොළඹ වරාය පොලීසිය පරීක්ෂණ පවත්වන බැවින් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව අප කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා කීවේය.



Post a Comment