ඕස්ට්‍රේලියාවේ රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුළු පුද්ගලයින් 157 දෙනා සම්බන්ධ නඩුව අද දිනයේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.
අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් එරට රජය අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ අමාත්‍ය ස්කොට් මොරිසන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සරණාගත පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසන්නේ ඕස්ට්‍රේලියානු රජය විසින් අදාළ පුද්ගලයින්ව නීත්‍යානුකූල නොවන අන්දමින් මාසයක පමණ කාලයක සිට රඳවා තබා ගෙන සිටි බවයි.
මීට අමතරව සරණාගත යුවළකට දාව බ්‍රිස්බේන් හිදි ඉපදුණු දරුවෙකු සම්බන්ධයෙන් වු නඩුවක් ද අද දිනයේ විභාගයට ගැනීමට නියමිතය.
ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසන්නේ එම දරුවා සරණාගත දරුවෙකු වුව ද ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැලසීම සඳහා ඕස්ට්‍රේලියානු රජය පියවර ගත යුතු බවයි.

Post a Comment