ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට සංකේතවත් කරමින් චැනල් ෆෝ නාලිකාව විසින් නිර්මාණය කරන ලද “නෝ ෆයර් Zසෝන් : ද කිලින් ෆීල්ඩ් ඉන් ශ්‍රී ලංකා“වාර්තා චිත්‍රපටය ජාත්‍යන්තර එමි සම්මාන උළෙලට නිර්දේශ වී තිබේ.
ලොව ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් අතර එක්සත් ජනපදයේ එමි සම්මාන උළෙලද ප්‍රමුඛය.
2008 සැප්තැම්බර් මාසයේ සිට 2009 වසරේ යුද්ධය අවසාන මොහොත දක්වා ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද සමයේ අවසාන අදියර තුළ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණයවීම් මෙම වාර්තා චිත්‍රපටයට දායකකරගෙන ඇත.
මෙම වාර්තා චිත්‍රපටය එහි අධ්‍යක්ෂවරයා වන කැලම් මැක්රේ විසින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22වන සැසිවාරයේදී ප්‍රදර්ශනය කරන ලදී.
කෙසේ වෙතත් මෙම සම්මාන උළෙල එළඹෙන නොවැම්බර් මස 24 දින පැවැත්වීමට නියමිත අතර එහි වාර්තා චිත්‍රපට අංශයේ හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශිත චිත්‍රපට 4 ට “නෝ ෆයර් Zසෝන් : ද කිලින් ෆීල්ඩ් ඉන් ශ්‍රී ලංකා“ද එක්ව ඇති බව සඳහන්ය.

Post a Comment