කොළඹ මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

වැල්ලවත්තේ සිට කොල්ලුපිටිය දක්වා ඇති වෙරළබඩ මාර්ගයේ හෙට(13) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

සතියේ දිනවල පමණක් ‍නැවත දැනුම්දෙනතුරු මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සඳහන් වෙයි.


ඒ අනුව පෙ.ව 7.00 සිට පෙ.ව 9.30 දක්වා වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ නෙල්ලසන් පාර හන්දියේ සිට වාර්ලිමන්ට් පාර හන්දිය දක්වා කොළඹ දෙසට පමණක් රථ වාහන ගමනා ගමනය සිදුකරන බව පොලීසිය පැවසුවේය.


එසේම ප.ව 4.00 සිට ප.ව 6.30 දක්වා කාලය තුළ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ වාර්ලිමන්ට් පාර හන්දියේ සිට නෙල්සන් පාර හන්දිය දක්වා දෙහිවල දෙසට පමණක් රථ වාහන ගමනා ගමනය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.


අදාළ මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බවත්, අදාළ සැලැස්ම සෙනසුරාද, ඉරිදා දිනයන් සහ රජයේ නිවාඩු දිනයන්වල ක්‍රියාත්මක නොකරන බවත් වැඩිදුරටත් ‍සඳහන් වෙයි.



Post a Comment