යතුරු පැදිය ටිපර් රථයේ ගැටී 2ක් මරුට

දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ගමන් ගත් යතුරුපැදියක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.


අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවක සහ යතුරුපැදිකරු පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment