දෙරණේ දරුවන් වෙනුවෙන් ටී.වී.දෙරණ ක්‍රියාන්විතය අදයි

ටී.වී. දෙරණ සිය 09 වන උපන්දිනය සමරන මොහොතේ දි මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ගේ හෙට දවස අලෝකමත් කිරිමේ අරමුණින් මනුසත් දෙරණ තවත් සුවිශේෂි මෙහෙවරක් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ‘‘ දෙරණෙ දරුවෝ - මාපිය කැපකරු ජාතික ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.


මේ සඳහා මුල පිරිමේ සජීවි වැඩසටහන අද උදෑසන 10.00 සිට රාත්‍රී 07.00 දක්වා ටී.වි දෙරණ ඔස්සේ විකාශය කිරිමට මේ වන විටත් දෙරණ මාධ්‍ය ජාලය සැලසුම් කර තිබේ.


අද දිනයේ දි විද්වතුන්, කලාකරුවන් , සංගීතඥයන්, වෛද්‍යවරුන් සහ ජනප්‍රිය පුද්ගලයින් ඇතුළු සමාජයේ විවිධ පාර්ශව සම්බන්ධ කරගත් මෙම සජීවි සංවාදාත්මක වැඩසටහන හා සම්බන්ධ වීමෙන් ඔබටත් වකුගඩු රෝගයෙන් පීඩාවට පත් දරුවනගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ ජාතික මෙහෙවරට දායක විය හැකිය.


මේ සඳහා දායක වීමට කැමති ඔබට අද පෙරවරු 10.00 සිට පැය 09ක් පුරා ටි.වි දෙරණ ඔස්සේ විකාශනය වන විශේෂ වැඩසටහන හා සම්බන්ධ‍ වි තොරතුරු ලබාගැනීමට හැකියාව පවතිනවා.



Post a Comment