කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ එම සුළි කුණාටුව බෙංගාල බොක්කේ සිට ඉන්දියාව දෙසට ළඟා වෙමින් පවතින බවයි.
මේ හේතුවෙන් ශ්‍රි ලංකාව අවට මුහුදේ ඇතැම් විට පැයට කිලෝමීටර් 50ක 60ක වේගයෙන් සුළං හැමිය හැකි අතර තැනින් තැන වැසි තත්ත්වයන් ද ඇති විය හැකියි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හුඩ් හුඩ් සුළි කුණාටුව පැමිණීමේ අපේක්ෂාව හේතුවෙන් ඉන්දියාවේ ආන්ද්‍රාප්‍රදේශ් සහ ඔරිසා ප්‍රාන්තවල දහස් ගණනක් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.
අද දිනයේ එම ප්‍රදේශවලට සුළි කුණාටුව බලපෑ හැකි බවට අනතුරු අඟවා ඇති අතර ගුවන් ගමන් හා දුම්රිය ගමන් වාර අත්හිටුවා හදිසි තත්ත්වයන් සඳහා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවට ද වාර්තා වෙයි.

Post a Comment