සබරගමු මැර ප්‍රහාරයට පිටිපනින් හා ගාල්ලෙනුත් විරෝධතා

සබරගමු සිසුන්ට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් විසින් සිදුකළ මැර ප්‍රහාරයට විරෝධය පළකොට අද (11) පස්වරුවේ ට බෞද්ධ හා පාලි සරසවි සිසූහු පිටිපන හන්දියේ විරෝදතාවක නිරත වූහ.

ඒ ස`දහා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටු සාමාජිකයන් මෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්ඩල සාමාජික හිමිවරුන් ද සහභාගී සී සිටියහ.


මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සබරගමු විශ්වවිද්‍යාලයීය සිසුන් අරම්භකළ සත්‍යග‍්‍රහයට පහර දීමට විරෝධය දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය සිසු සිසුවියන් ද ගාල්ල බස් නැවතුම්පළේ අද විරෝධතා දැකවීය.



Post a Comment