මේජර්වරුන් පිරිසකට නව උසස්වීම්

යුද හමුදා මේජර්වරුන් පිරිසකට නව උසස්වීම් පිරිනමා තිබේ.

යුද හමුදාව සඳහන් කළේ යුද හමුදා දිනයට සමගාමීව මෙම උසස්වීම් පිරිනමා ඇති බවයි.


මේජර් තනතුරේ සිටි 115 දෙනෙකුට මෙම උසස්වීම් පිරිනමා තිබේ.


ලුතිනන් කර්නල් නිලය දක්වා අදාළ උසස්වීම් පිරිනමා ඇති බව යුද හමුදාව සඳහන් කළේය.


යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතාගේ නිර්දේශවලට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම උසස්වීම් පිරිනමා තිබේ.



Post a Comment