ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වු බන්ධනාගාර නියාමකවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවයි.
පසුගිය අඟහරුවාදා දිනයේ කොළඹ ඇතුළු බන්ධනාගාර කිහිපයක නියමකවරුන් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණි.
මේ හේතුවෙන් රැඳවියන් අධිකරණ වෙත ගෙන යාමේ කටයුතුවලට ද බාධා එල්ල වු බව වාර්තා වෙයි.
බන්ධනාගාර නියමකවරුන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමේ අයිතියක් නොමැති අතර කුමන හේතුවක් මත මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී ඇත් ද යන්න පිළිබඳ සොයාබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
හිතා මතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වී ඇති බවට තහවුරුවුවහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේය.

Post a Comment