ජනපති - පාප් වහන්සේ හමුවෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී වත්මන්හි ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබේ.

පාප් වහන්සේට නිල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නිල වශයෙන් ආරාධනා කිරීමෙන් පසු මෙලෙස සුහද සාකච්ඡාවක නිරතවූ බව වතිකානු රාජ්‍ය ලේකම් කාදිනල් පීතෘ පැරොලින් හිමි පවසයි.


එම සාකච්ඡාවේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික ප්‍රගතිය පිළිබඳ අවධානය යොමුකෙරනු බව පැරොලින් හිමි සඳහන් කරයි.


එසේම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය රටේ සමස්ත ජනතාවටම වැදගත් වන බවත්, එය රටේ සාමය, සාධාරණත්වය හා ප්‍රතිසන්ධානයට අනුබලදීමක් වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබේ.



Post a Comment