කොරියා විභාගය 11 හා 12 කොළඹදී

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය එළඹෙන 11 සහ 12 යන දිනවල දී පැවැත්වීමට නියමිතව තිබේ.

12 වන වරටත් පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 04 කදී පැවැත්වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේය.


මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 13,998 දෙනෙක් පෙනී සිටීමට නියමිතය.


අදාළ දෙදින තුළ අදියර 04 ක් යටතේ විභාගය පැවැත්වීමට නියමිත බව සඳහන්ය.


කොළඹ තර්ස්ටන්,අශෝක,ගෝතමී බාලිකා සහ ඩී.එස්. සේනානායක යන විද්‍යාල වලදී විභාගය පැවැත්වෙයි.


විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන ඒම තහනම් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.



Post a Comment