වැටුප් විෂමතා මුල්කර ගනිමින් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රේණිගත දුම්රිය වෘත්තීය සමිති එකමුතුව කියයි.
වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර විසඳුමකට පැමිණීම සඳහා අද පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සමග පැවැති සාකච්ඡා ද සාර්ථක නොවු බව එම වෘත්තීය සමිති පවසයි.
මේ නිසා වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති නියෝජිතයින් අවධාරණය කරයි.
මේ අතර වර්ජනය නිසා අදට නියමිත දුම්රිය ගමන් වාර 320න් දවස පුරා දුම්රිය ධාවනය කර ඇත්තේ ගමන් වාර 40ක් පමණ බව දුම්රිය පාලක මැදිරිය කියයි.
මෙම වර්ජනය නිසා දිවයින පුරා දුම්රිය ස්ථානවල සේවය ලබාගන්නා මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටි අයුරු දැක ගත හැකිවිය.

Post a Comment