උතුරේ ධීවරයින් තහනම ඉවත් කරන්නැයි ඉල්ලයි

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අද (09) පෙරවරුවේ උතුරු පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබේ.

තමන් සතු තහනම් කරන ලද ට්‍රෝලර් යාත්‍රාවලින් ධීවර කටයුතු කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිරත වී ඇත.


මන්නාරම දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ඇතැම් ධීවරයින්ට ට්‍රෝලර් යාත්‍රා මගින් ධීවර කටයුතුවල නිරත වීමට අවසර ලබා දී ඇති බවට ඔවුන් චෝදනා කරයි.


එහෙත් තමන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැති බව වැල්වැටිතුරෙයි ධීවරයින් පවසයි.


මේ සම්බන්ධයෙන් උතුරු පළාත් ධීවර අමාත්‍ය පී. ඩෙනිෂ්වරම් මහතාගෙන් ඉල්ලීමක් කළ ද ඔහු ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම ධීවරයින් කියයි.



Post a Comment