ඇමති පොරොන්දු කඩලා

පරිපූරක වෛද්‍ය සේවාවට අදාළ පුහුණු කිරීම් සඳහා පවතින පාසල්වල ස්ථීර විදුහල්පතිවරුන් පත්කර, ආචාර්යවරුන්ට ස්ථිර පත්වීම් ලබා දීමට පියවර ගන්නා ලෙස පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මාස 10 ක පමණ කාලයකට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දු ඉටුකර නොමැති බවයි.


අද පැවැත්වෙන ආචාරවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් පසු ඉදිරි දෙසතිය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ද නියමිතය.



Post a Comment