පස්සර, ලුණුගල ප්‍රදේශයේ පිහිටා ඇති පීස්ස කණිෂ්ඨ විද්‍යාලය ගිළා බැසීමේ අවදානමකට ලක්ව තිබේ.
පළමු ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සිසුන් අධ්‍යාපනය ලබන එම පාසල සිසුන් 21 දෙනෙකු අධ්‍යාපනය හදාරන පාසලකි.
පාසල් ගොඩනැගිල්ල ගිළා බැසීමේ අවදානමකට ලක්ව තිබීම හේතුවෙන් එම සිසුන් ප්‍රදේශයේ විහාරස්ථානයේ ධර්ම ශාලාව තුළ අධ්‍යාපනය හදාරමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ පිළිබඳ අවධානය යොමු කර කඩිනම් පියවර ගන්නා ලෙස දරුවන්ගේ මව්පියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Post a Comment