වසර 24ක් අවෑමෙන් යාල් දේවි දුම්රිය මීට ටික වේලාවකට යාපනය දුම්රිය ස්ථානයට පැමිණියේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ප්‍රභූවරුන් පිරිසට යාපනය දුම්රිය ස්ථානයේදී උණුසුම් පිළිගැනීමක් ද සිදුවිය.
යාල්දේවි දුම්රිය පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය බලා අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලදී.
පලෙයි සිට යාපනය දක්වා මාර්ගයේ ඉදිකර ඇති නව දුම්රිය ස්ථාන දෙකක් වූ නාවට්කුලි හා කොඩිකාමම් දුම්රිය ස්ථානද මේ යටතේ විවෘත වූ අතර එම දුම්රිය ස්ථාන පසු කරමින් ජනපති ඇතුළු පිරිස යාපනයට පැමිණියහ.
උතුරු දකුණු සහෝදරත්වය යළි ගොඩනංවමින් යාල් දේවිය අද උතුරට ගමන් ගත්තේ වසර 24කට පසු වීම විශේෂත්වයකි.
ඒ අනූව හෙට සිට යාපනය හා කොටුව අතර දුම්රිය ගමන් ඇරඹීමට නියමිත අතර ජනතාවට දැන් දුම්රියෙන් ද යාපනයට යාමට අවස්ථාව උදාවේ.

Post a Comment