මහනුවරටත් අක්ෂි බැංකුවක්

ශ්‍රී ලංකා අක්ෂි බැංකුවේ මහනුවර මහ රෝහල් ශාඛාව හෙට දිනයේ විවෘත කිරිමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශාඛාව විවෘත කිරීමට නියමිතය.


ඇස් දන්දීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දීම , කුණීත පටක ලබාදීම, කුණීත බද්ධ කිරීමට අපේක්ෂාවෙන් සිටින රෝගින් සඳහා ඒවා ලබාදීම ඉලක්ක කරගනිමින් මෙම ශාඛාව පිහිටුවීමට නියමිත බව සඳහන්ය.


කුණීත සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුම හේතුවෙන් මහනුවර ශික්ෂණ රෝහල මුල් කරගනිමින් මෙම ශාඛාව පිහිටුවීමට ජාතික අක්ෂි බැංකුව තීරණය කර ඇත.



Post a Comment