සත්ව විශේෂ 7ට වනජීවියේ කරුණාව!

ශ්‍රී ලංකාවේ වෙසෙන සත්ව විශේෂ 07ක් සංරක්ෂණය කිරීමේ විශේෂ ව්‍යපෘතියක් ආරම්භ කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ යටතේ අලියා, වලහා, කොටියා, නිල් තල්මසා, දාර කැස්බෑවා,ගැට කිඹුලා සහ අලිමානාවා යන සත්ව විශේෂ සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතා සඳහන් කළේය.


මෙම සත්ව විශේෂ නැරඹීම සඳහා විදේශ සංචාරකයින්ගේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.


අදාළ වැඩ සටහන යටතේ එම සත්ත්වයින් ජීවත්වන පරිසර පද්ධති සහ වාස භූමි සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවයි එච්.ඩී. රත්නායක මහතා සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ වෙසෙන එම සත්ව විශේෂ සම්බන්ධයෙන් ඉදිරියේ දී තානාපති කාර්යාල හරහා විදේශීය සංචාරකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන්ය.



Post a Comment