මස් වැද්දෝ දුරකථනත් දමාගිහින්

හම්බෙගමුව, උඩවලව රක්ෂිතයේ තාලිගල ප්‍රදේශයේ තිබී මුවමස් කිලෝග්‍රෑම් 24ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

තංගල්ල සහ හම්බන්තොට විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ උඩවලව වනෝද්‍යානයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙම මුවමස් තොගය සොයාගෙන ඇත.


එහිදී එම ස්ථානයේ දමාගොස් තිබු ජංගම දුරකථන 04ක් සහ හක්කපටස් තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.


සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර උඩවලව වනජිවි කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment