අනුරපුර පූජා නගරයේදී පුපුරණ ද්‍රව්‍ය සමග ඇල්ලු මිනිහාට ඇප!

පසුගිය පොසොන් උත්සව සමයේ අනුරාධපුර පූජා නගරය ආසන්නයේ දී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදා හැර තිබේ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 02 බැගින් වු ශරිර ඇප 02 ක් මත සැකකරු මුදා හැර ඇති බව සඳහන්ය.


මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.


පසුගිය පොසොන් මස 13 වන දා අනුරාධපුර පූජා නගරය ආසන්නයේ දී පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 ක් සහ ඩෙටනේටර් 2500 ක් ළඟ තබා ගෙන සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනිණ.



Post a Comment