තම බාල වයස්කාර දැරිය හැරදමා අනියම් කාන්තාවක් සමඟ ඇසුරක් පැවැත්වු බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා විසින් සැකකාර පියා ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ලෙස නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ අතර අදාළ දැරිය හැරදමා අනියම් පුරුෂයෙකු සමඟ සබඳතා පවත්වන බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින එම දැරියගේ මව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Post a Comment