තේක්ක ඇද්ද 3ක් මාට්ටු

බලපත්‍ර රහිතව තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ දී අත්අඩංගුඅවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ කිලිනොච්චිය කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


එහිදී ඔවුන් සතුව තිබු රුපියල් එක් ලක්ෂ 20,000ක් පමණ වටිනා තේක්ක දැව කඳන් තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.


සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බව සඳහන්ය.



Post a Comment