වැඩතහනමට ලක්වූ පොලිස් නිලධාරියා යළි සේවයට

රත්නපුර නගරයේදී කාන්තාවකට පහරදීමේ චෝදනා මත සේවයෙන් තාවකාලිකව ඉවත් කර සිටි පොලිස් නිලධාරියා යළි රාජකාරී සඳහා අනුයුක්ත කර තිබේ.

ඒ අනූව එම නිලධාරියා අවිස්සාවේල්ල පොලීසියට අනුයුක්තව සේවය කිරීම සඳහා පත්කර ඇත.


“බට්ටි“ නැමැති කාන්තාවකට ප්‍රසිද්ධියේ පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එම නිලධාරියා පොලිස් සේවයෙන් තාවකාලිකව ඉවත් කරන ලදී.


මේ අතර එකී කාන්තාව පහරදීමට විරෝධය පළ කර පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 5ක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ.



Post a Comment