රටේ සියලු ජනතාවගේ ජන ජීවිත නංවාලීමට කැපවී කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙරට දෙමළ ජනතාවට එරෙහි සටනක් නොව උතුරත් දකුණුත් විනාශ කළ ත්‍රස්තවාදය අවසන් කරමින් රටේ ජනතාවගේ මෙන්ම උපනූපන් දරු පරපුරේ ජීවිත ආරක්ෂා කිරීමේ සටනක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශ මත උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම යටතේ පවුල් 1218කට වන්දි ප්‍රදානය කිරීම වෙනුවෙන් කිලිනොච්චියේ දී පැවති උත්සවයට සහභාගී වෙමින්ය.
මේ යටතේ රුපියල් මිලියන 115ක මුදලක් උතුරු පළාතේ ජනතාවට වන්දි වශයෙන් ප්‍රදානය කර තිබේ.
මේ අතර එල්.ටි.ටි.ඊ.යට අයත්ව තිබු බැංකුවල තැන්පත් කර අහිමි වු උතුරේ ජනතාවගේ රන් භාණ්ඩ යළි එම ජනතාවට ලබාදීම ද ජනාධිපතිවරයා විසින් සිදුකර තිබේ.
එමෙන්ම උතුරේ ජනතාවගේ ඉඩම් හිමිකම් තහවුරු කරමින් බලපත්‍ර හා දීමනා පත්‍ර 20,000ක් ප්‍රදානය කිරීම ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Post a Comment