යාල්දේවිය උතුරත් දකුණත් යා කළ සාමයේ පාළමක්

යාල්දේවි දුම්රිය මාර්ගය තවත් එක් ප්‍රවාහන මාර්ගයක් නොව උතුරත් දකුණත් යා කරන සාමයේ පාළමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමු උතුරු දකුණු ජනතාව අතර පැවති සහෝදරත්වය සහ සංස්කෘතිකමය සබැඳියාව මෙම දුම්රිය ගමනෙන් යළි තහවුරු වනු ඇති බවට තමා විශ්වාසය පළකරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.


අද පෙරවරු 09.30 යෙදුණු සුභ මොහොතින් පලෙයි සිට යාපනය දක්වා වු දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතය ජනතා අයිතියට පැවරීමට එක්වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.


පලෙයි දුම්රිය ස්ථානයෙන් ප්‍රථම ටිකට් පත මිලදී ගත් ජනාධිපතිවරයා යාල් දේවියට නැඟ යාපනය දක්වා වු ගමනට එක් විය.


යාපනය දුම්රිය ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට විශාල පිරිසක් රැස්ව සිටි අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Post a Comment