ඊට අදාළ නඩුව විභාග වන මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මෙය ප්‍රකාශ කර ඇත.
සරණාගත පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසා තිබුණේ ඕස්ට්‍රේලියානු රජය විසින් එම පුද්ගලයින්ව නීත්‍යානුකූල නොවන අන්දමින් මාසයක පමණ කාලයක සිට බෝට්ටුවක් තුළ රඳවා තබා ගෙන සිටින බවයි.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තම රජය සැමවිටම නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගත් අතර ඉන්දීය රජය ඔවුන් නැවත ශ්‍රී ලංකාවට යැවීමේ තීරණයේ පසුවු බවය.
මේ අතර සරණාගත යුවළකට දාව බ්‍රිස්බේන් හිදි ඉපදුණු දරුවෙකු සම්බන්ධයෙන් වු නඩුව ද අද දිනයේ බ්‍රිස්බේන් මහාධිකරණය හමුවේ විභාගයට ගෙන ඇත.
අදාළ දරුවා සරණාගත දරුවෙකු වුව ද ඔහුට අවශ්‍ය ආරක්ෂාව සලසමින් වීසා බලපත්‍ර නිකුත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගත යුතු බව සඳහන් කරමින් පෙත්සම ඉදිරිපත් කර තිබුණ ද එය නිෂ්ප්‍රභ වී ඇති බව වාර්තා වේ.

Post a Comment