යුරෝපා සංගමයෙන් එල්.ටී.ටී.ඊ තහනම ඉවතට - ශ්‍රී ලංකා රජය කණගාටුවෙයි

එල්.ටී.ටී.ඊ . සංවිධානය සම්බන්ධයෙන් රේගුලාසී කිහිපයක් ඉවත් කිරීමට යුරෝපා සංගමයේ නීති කවුන්සලය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කණස්සල්ල ප්‍රකාශ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂපාතී කණ්ඩායම් කිහිපයක් විසින් ගොනු කරන ලද පෙත්සමකට අදාළව යුරෝපා සංගමයේ නීති කවුන්සලය විසින් අද මෙම තීරණය ගෙන තිබේ.


පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දී තිබුණේ සංවිධානයක් ලෙස කටයුතු කිරීමේ ස්වාධීන අයිතිය එල්.ටී.ටී.ඊ සංවිධානයටද හිමිවිය යුතු බවයි.


එසේම එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධාන ලැයිස්තුවට එක් කිරීමෙන් වලකින ලෙසද එම අධිකරණය නියෝග කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.



Post a Comment