වල්ලපට්ටා හා වැලි ජාවාරම්කරුවන් 6ට මාංචු

පොළොන්නරුව, මහවැලි ජල ගැළීම් නිම්න රක්ෂිතයේ දැව කැපීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


එහිදී කරත්ත යොදා ගනිමින් ප්‍රවාහනය කරමින් තිබු දැව කඳන් 08 ක් පොලිස් බාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


මේ අතර වල්ලපට්ට ශාක කොටස් ග්‍රෑම් 670 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


බිබිල, පිටකුඹුර මාර්ගයේ වැලි හන්දිය ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී මෙම වල්ලපට්ට ශාක කොටස් සොයා ගෙන ඇති බව සඳහන්ය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර,ගල්ගමුව සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.


ඔවුන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment