මෙරට අත්අඩංගුවෙන් නිදහස් වූ ඉන්දීය ධීවරයින් එරට බාලධාරීන්ට බාරදෙයි

මෙරට අත්අඩංගුවේ සිට නිදහස ලැබු ඉන්දීය ධීවරයින් පිරිස එරට බලධාරීන් වෙත බාර දී තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේ නිදහස ලැබු ඉන්දීය ධීවරයින් 76 දෙනා පසුගිය දිනවල එරට බලධාරීන් වෙත බාරදුන් බවයි.


තලෙයිමන්නාරම සහ කන්කසන්තුර මුහුදු සීමාවල දී එම ධීවරයින් බාර දී තිබේ.


මෙරට අත්අඩංගුවේ පසුවු ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් නියෝගයකට අනුව පසුගිය සතියේ මෙම ඉන්දීය ධීවරයින් 76 දෙනා නිදහස් කරනු ලැබුණි.


තවත් ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු මෙරට අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් ඉදිරියේ දී නිදහස් කිරීමට නියමිතය.


මීට අමතරව ඉන්දීය ධීවර යාත්‍රා 76ක් මෙරට බාරයේ ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.



Post a Comment