කඩිමුඩියේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඒ වෙනුවෙන් ක්‍රියා කරනු ලැබුවහොත් ඊට එරෙහිව ජනමතයක් ගොඩනැඟීමට නොපමාව කටයුතු කරන බව උන්වහන්සේ අද(14) කියා සිටියේ ‘පිවිතුරු හෙටක් ජාතික සභාව‘විසින් සම්පාදිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහිත යෝජනාවලිය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජනාධිපති ධූරයේ බලතල සීමා කිරීම,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම,තොරතුරු දැන ගැනීමේ අයිතිය සහතික කිරීම ආදී යෝජනාවන්ද මෙම යෝජනාවලියේ අන්තර්ගතව පවතී.
ජනාධිපතිවරයාට තුනෙන් දෙකක බලයක් ඇති නිසා එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් කළ හැකි වන්නේ මේ ජනාධිපතිවරයාට පමණක් බවද රතන හිමියන් එහිදී පෙන්වා දුන්නේය.
රටේ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධූරය හැර කිසිම අමාත්‍ය ධුරයක් දැරිය යුතු නැති බවත්, දැනට බොහෝ විට නවීන සංවර්ධනයට අදාළ බොහෝ අමාත්‍යාංශ අයත් වන්නේ ජනාධිපතිවරයාට බවත් උන්වහන්සේ සඳහන් කළේය.
තම වගකීම් ජනාධිපතිවරයා විසින් හොඳින් ඉටුකරනු ලැබුවහොත් ඉතා හොඳ නමුත් වරදක් කරනු ලැබුවහොත් එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යන්නට හැකියාවක් නොවන බවත්, එබැවින් වත්මන් ජනාධිපතිවරයා එලෙස වරදක් නොකරනු ඇතත් ඉදිරියට එන ජනාධිපතිවරු කෙසේ ක්‍රියා කරයිද කියා නොදන්නා බවත් රතන හිමි අවධාරණය කළේය.

Post a Comment