සිසුන්ගේ ඉල්ලීම් දෙන්න සූදානම්-අර්බුදය විසඳන්න ආචාර්යවරුන් මැදිහත්වෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පවත්වන ලද සත්‍යග්‍රහයට අදාළ ඉල්ලීම් ත්‍රිත්වය සාධනීය ලෙස විසඳීමට පාලනාධිකාරිය එකඟවූ බව සබරගමුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වර්තමානයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය අද දින (14) එහි විධායක සභාව පෙරවරු 8.00 ට ද එහි මහා සභාව පෙ.ව. 9.30 ට ද රැස්වුණු බව එම සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කියා සිටියි.


සමස්ත තත්ත්වය පිළිබඳ ව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරු ව පහත සඳහන් නිර්දේශ පාලන අධිකාරීයටත් ශිෂ්‍ය ප‍්‍රජාවටත් ඉදිරිපත්කිරීමට ඒකමතිකව තීර්ණය වූ බව ඔහු විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


එකී නිවේදනයට අනුව ගනු ලැබූ තීරණයන් පහත පරිදිය.


1. උද්ගතවී ඇති තත්ත්වය තුළ ඇතුළත් මූලික අර්බුද එකිනෙකින් වෙන්කොට ගැනීම.


2. එනම්, වසාදමා ඇති විශ්වවිද්‍යාලය නැවත විවෘත කරගැනීමට අදාළ පාර්ශව දෙක සමග මැදිහත්කරුවෙකු ලෙස ආචාර්ය සංගමය ඉදිරිපත් වීම.


3. එසේම, සිසුන්ගේ සත්‍යග‍්‍රහයට පහරදුන් අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට බල කිරීම.


4. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ගැටුම් අවුළුවාලන සුළු සහ සමස්ත අධ්‍යාපනයට තර්ජනයක් ව ඇති අත්තනෝමතික හැසිරීම දැඩිව හෙළාදකිමින් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සමග සාමූහික විරෝධයක් ජාතික මට්ටමින් පළකිරීමට පෙළගැසීම.


5. එමෙන් ම පඹහින්න දී 2014-10-05 දින සිදුවූ ගැටුම්කාරී වාතාවරණයෙන් අනතුරුව විශ්වවිද්‍යාලය වසා දැමුණු අතර ඉන්පසු අදාළ ශිෂ්‍ය ප‍්‍රජාව දීර්ඝ ලෙස විනය කඩකිරීම්ල විශ්වවිද්‍යාල නියෝග නොතකාහැරීම් සහ රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීම් මේ වන විටත් සිදුකරන බැවින් එවන් ක‍්‍රියා මාර්ග සබරගමුව ආචාර්ය මණ්ඩලය කොන්දෙසි විරහිත ව හෙළාදැකීම.


5 විශ්වවිද්‍යලය නැවත විවෘත කීරීමට බාධාවක් ඇති යථෝක්ත විනය කඩ කිරීම් වහාම නතර කරන ලෙස සිසුන්ට බලකර සිටීම.


6 සත්‍යග‍්‍රහයට පදනම් වූ ගැටළු තුන සහ විශ්වවිද්‍යාලය වසාදැමීමට ඉවහල් වූ හේතු ශිෂ්‍ය ප‍්‍රජාව සමග සාකච්ඡා කර අභ්‍යන්තර තත්ත්වයක් ලෙස විසඳාගත යුතු බව අවධාරණය කිරීම.


2014-10-14 නොහොත් අද දින ම විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරයා සමස්ත ආචාර්ය මණ්ඩලය මෙම ගැටළුව සාකච්ඡා කිරීමට කැඳවූ අතර අප සංගමයේ මහා සභාව පිළිගත් යථෝක්ත නිර්දේශ පාලන අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලදී.


එහි දී තත්ත්වය නැවතත් දීර්ඝ ව සාකච්ඡා කෙරුණ අතර පහත සඳහන් විසදුම්වලට සංගමයක් ලෙස ළඟාවීමට හැකිවිය.


1 සත්‍යග‍්‍රහයට හේතුවූ කරුණු තුනම ඉතා ම සාධනීය ලෙස විසඳීමට පාලන අධිකාරිය එකඟ වූ අතර මෙය ශිෂයන් වෙත තහවුරු කරමින් සන්නිවේදනය කිරීමට ආචාර්ය සංගමයට ඇරයුම් කෙරිණ.


2 විනය නීති කඩකරමින් අයථා ලෙස නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන් ඉන් ඉවත් වූ වහා ම සරසවිය නැවත විවෘත කළ හැකි බවට පාලන අධිකාරිය සහතික වීම සහ එකී පණිවිඩය සිසුන් කරා ගෙන යාමට ද සංගමයට අරයුම් කෙරිණ.


මෙකී තත්ත්වය මනා ව කළමනාකරණය කර ගනිමින් සත්‍යග‍්‍රහයට ඉවල් වූ හේතු අවසන් කරමින් විශ්වවිද්‍යාලය නැවත විවෘත කර ගැනීමට ආචාර්ය සංගමය මැදිහත් වන බවත් එය සාර්ථක කර ගැනීමට හැකියාව ඇති බව අපි උදක් ම විශ්වාස කරමු.



Post a Comment