පුරප්පාඩුවී ඇති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මෙතෙක් කිසිවෙකු නම් කිරීමට පියවර ගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ස්ථිර මහකොමසාරිස්වරයෙකු පත් කිරීමට තවත් මාස 02 ක පමණ කාලයක් ගත වනු ඇති බවයි.
මේ වනවිට අදාළ තනතුරේ වැඩ බැලීම සදහා චානක තල්පහේවා මහතා නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස පත්කර ඇති බව සඳහන්ය.
චානක තල්පහේවා මහතා මෙතෙක් මාලදිවයිනේ නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස කටයුතු කරයි. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව එම ධුරය පුරප්පාඩු විය.

Post a Comment