ගෝඨාභය ඉන්දිය ආරක්ෂක උපදේශක හමුවක් - එහෙම හමුවක් දන්නේ නෑ - බ්‍රිගේඩියර්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත්‍‍ දොවාල් අතර හමුවක් ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනූව ආරක්ෂක ලේකම්වරයා ලබන සතිය මුලදී නවදිල්ලියේ සංචාරය කිරීමට නියමිතය.


කෙසේ වෙතත් එවැනි සංචාරයක් ගැන නොදන්නා බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ප්‍රධානින් නොදන්නා බව පවසන ඉන්දියාවේ ද හින්දු පුවත්පත යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය උපුට‍ා දක්වමින් කියා සිටින්නේ ද එවැනි හමුවක් ගැන නොදන්නා නමුත් දෙරට අතර නිරන්තර ආරක්ෂක සාකච්ඡා පවත්වන බවයි.


ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා 2013 නොවැම්බරයේදී ද, 2014 මාර්තුවේද ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර මුහුදු ආරක්ෂණ වැඩපිළිවෙළ ගැන ත්‍රෛපාර්ශවික සාකච්ඡා පැවැත්විණ.


ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ආරක්ෂක සබඳතා අලුත් මාවතකට ගෙන එමින් මෑතකදී දෙරට අතර ආරක්ෂක ගනුදෙනු තර කර ගැනිණ.



Post a Comment