ජනාධිපතිවරණය නිසා කැරට් අල මල්ලක් ලැබෙනවා - ජනතාව හොඳ පිළිතුරක් දිය යුතුයි

රාජපක්ෂ ආණ්ඩුවට ජනතාව ගැන පුදුම ආදරයක් හදිසියේ පහලවෙලා ඇති බවත්, අය වැයෙන් ජනතාවට කැරට් අල මල්ලක් ලැබෙන බව තහවුරු වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

තවදුරටත් ආණ්ඩුවේ උපක්‍රමවලට නොරැවටී ජනතාව මේකට හොඳ පිළිතුරක් දිය යුතු බවද, 2006 න් පස්සේ ආණ්ඩුව රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියලක් හරි වැඩි කර නැති බවද, ඔහු කියයි.


ටී ටුවෙන්ටි මැච් එකක් ගැසීමට මෙන් ආණ්ඩුව ජනාධිපතිවරණය ඉලක්ක කර මහ භාණ්ඩාගාරය හිස් කිරීමට සුදානම් වන්නේ යැයිද ඒ මහතා පවසයි.


ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ඉදිරියේදී ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් එජාපය සමග එක්වීමට සුදානමින් සිටින බවද හෙතෙම කියයි.


මේ නිසා හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට දැකීමට හැකිවෙනු ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.


ආණ්ඩුව දැන් යුද්ධය විකුණා අවසන් බැවින් ජාතිවාදය අවුස්සන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.


කොළඹදී අද (14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙමෙ මේ බව කියා සිටියේය.



Post a Comment