නිලධාරීන් පගාව ගන්නා බව ඇමති පිළිගනියි

ක්‍රීඩා නිලධාරීන්ට ගෙවන වැටුපට අමතරව ඔවුන් මුදල් අයකරගන්නා බවත්, ඒ පිළිබඳ තමන් වගකිව යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එලෙස ක්‍රියා කළ නිලධාරීන්ගේ වැඩතහනමට ලක් කළ අවස්ථා ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේ ටී.වී දෙරණ 360 සජීවි වැඩසටහනට එක්වෙමිනි.


එසේ වුවද ක්‍රීඩා නිලධාරීන් පුහුණුකරුවන් වූ පසු මුදල් අයකර ගැනීම ආරම්භ කරන බව හෙතෙම සඳහන් කළේය.


ලබන වසරේ ජනවාරි මාසය වන විට ක්‍රීඩාව විෂයක් ලෙස පාසල්වල ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණේ මීට වසර 6ට පෙරාතුව බවත් ඔහු සිහිපත් කළේය.


විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ක්‍රීඩාව කළ සිසු/සිසුවියන් වෙනුවෙන් ප්‍රමුඛතාව මත වැඩි සිසුන් පිරිසක් බඳවා ගැනීම,රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී වැඩි සැලකිල්ලක් දැක්වීම සිදුකරන බවත්,පසුගිය දිනවල ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේදී 3%ක් ක්‍රීඩා පදනම මත බඳවා ගත් බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.



Post a Comment