සබරගමු සිසුන් 12ට ඇප!

බලංගොඩ, පඹහින්න ප්‍රදේශයේ දී මාර්ගය අවහිර වන අයුරින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා විසින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා එම සිසුන් පිරිස සමනල වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.


පසුව ඔවුන් ඇප බැදුම්කර මත නිදහස් කර ඇති අතර අනතුරුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබිණ.


ඒ අනුව ඔවුන් 12 දෙනා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.



Post a Comment